News

මෙරට කොවිඩ් ආසාදිතයින් ගණන 2752 දක්වා ඉහළට

මෙරට කොවිඩ්-19 ආසාදිතයින්ගේ සංඛ්‍යාව 2752 දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි.

එම අමාත්‍යංශ්‍ය සදහන් කළේ ඊයේ (22) තවත් කොරෝනා ආසාදිතයින් 22ක් හඳුනා ගත් බවයි.

ඉන් 14 දෙනෙකු සෞදි අරාබියේ සිට මෙරටට පැමිණ, නිරෝධායනය වෙමින් සිටි පුද්ගලයින් වේ.

එමෙන්ම එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිට පැමිණි පුද්ගලයින් 7 දෙනෙකු ද කොවිඩ් නයින්ටීන් රෝගීන් ලෙස හඳුනාගෙන තිබේ.

ඊට අමතරව කන්දකාඩු පුනරුත්තාපන මධ්‍යස්ථානයේ ආසාදිතයෙකුගේ ආශ්‍රිතයෙකු ද කොවිඩ් නයින්ටීන් රෝගියෙකු ලෙස හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශය පැවසීය.

මේ වන විට ආසාදිතයින් 677දෙනෙකු රෝහල් ගතව ප්‍රතිකාර ලබන බව සෞඛ්‍ය අමාත්‍යංශය වැඩිදුරටත් සදහන් කළේය.