මෙරට කොවිඩ් මරණ ගණන 181ක් දක්වා ඉහළට
මෙරට තුළ තවත් කොරෝනා මරණ 5ක් සිදුව ඇති බව රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 181ක් දක්වා ඉහළ ගොස් ඇත.
මියගිය පුද්ගලයින්ගේ තොරතුරු පහතින්….
01. වැලිකඩ බන්ධනාගාරයේ රැදවියෙක් වන වයස අවුරුදු 68ක පිරිමි පුද්ගලයෙකි. 2020 දෙසැම්බර් 17 වන දින බන්ධනාගාර රෝහලේදී මියගොස් ඇත. මරණයට හේතුව ලෙස දැක්වෙන්නේ කොවිඩ් නියුමෝනියාවයි.
02. කොළඹ 15 ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 55ක පිරිමි පුද්ගලයෙකි. 2020 දෙසැම්බර් 19 වන දින කොළඹ ජාතික රෝහලේදී මියගොස් ඇත. මරණයට හේතුව ලෙස දැක්වෙන්නේ කොවිඩ් නියුමෝනියාව හා උග්‍ර වකුගඩු ආසාදනයයි.
03. දර්ගා නගරයේ පදිංචි වයස අවුරුදු 77ක පිරිමි පුද්ගලයෙකි. 2020 දෙසැම්බර් 18 වන දින නිවසේදී මියගොස් ඇත. මරණයට හේතුව ලෙස දැක්වෙන්නේ කොවිඩ් 19 ආසාදනය සමග ලේ විෂවීම හා හෘද රෝගී තත්ත්වයයි.
04. මග්ගොන ප්‍රදේශයේ පදිංචි 63 හැවිරිදි කාන්තාවකි. 2020 දෙසැම්බර් 19 වන දින නිවසේදී මියගොස් ඇත. මරණයට හේතුව ලෙස දැක්වෙන්නේ කොවිඩ් 19 ආසාදනය නිසා ලේ විෂවීම හා දියවැඩියාව, අධි රුධිර පීඩනය සමග හෘද රෝගී තත්ත්වයයි.
05. කොළඹ 10 ප්‍රදේශයේ පදිංචි 83 හැවිරිදි පිරිමි පුද්ගලයෙකි. කොළඹ ජාතික රෝහලේ සිට කොවිඩ් 19 ආසාදිතයෙක් ලෙස හදුනාගැනීමෙන් පසු හෝමාගම මූලික රෝහලට මාරු කර යවා ඇති අතර, එම රෝහලේදි 2020 දෙසැම්බර් 20 වන දින මියගොස් ඇත. මරණයට හේතුව ලෙස දැක්වෙන්නේ කොවිඩ් නියුමෝනියාවයි.
