මෙරට බැංකු ගිණුම්වල තොරතුරු සොයන අන්තර්ජාල වංචාවක්
ශ්‍රී ලාංකිකයන්ගේ බැංකු ගිණුම්වල තොරතුරු ලබාගැනීම ඉලක්ක කරගත් අන්තර්ජාල වංචාවක් පිළිබඳව සයිබර් ආරක්ෂාව පිළිබඳ ජාතික මධ්‍යස්ථානය විසින් අනාවරණය කරගෙන ඇතැයි ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය පවසයි.
එම සංසදය පවසන්නේ ණය තොරතුරු කාර්යාංශයෙන් (ක්‍රිබ්-crib) ‘ණය තොරතුරු 2020’ නමින් යොමුකර පණිවුඩයක් ආකාරයෙන් මෙම වංචනික ක්‍රියාව සිදුවන බවයි.
වට්ස්ඇප් (whats App) යෙදවුම හරහා ජංගම දුරකථනවලට මෙම පණිවුඩය යොමුකරමින් ශ්‍රී ලාංකිකයන්ගේ බැංකු ගිණුම්වල තොරතුරු ලබාගැනීමේ උත්සාහයක් පවතින බවත් අදාළ පණිවුඩය ගූගල් ඩොක් (Google doc) යෙදවුම උපයෝගී කරගත් පණිවුඩයක් ලෙස ලැබීමට සලස්වා ඇති බවත් පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය පෙන්වා දෙයි.
එම සංසදය ජනතාවට අනතුරු හඟවමින් පවසන්නේ එවැනි පණිවුඩ හරහා ඉල්ලා සිටින මුරපද (Password) ණය පත් (ක්‍රෙඩිට් කාඩ්) අංක ලබාදීමෙන් වැළකී සිටින ලෙසයි.
නයන තරංග ගමගේ
