News

මෙරට සමස්ත කොවිඩ් ආසාදිතයින් ගණන 35,000 ඉක්මවයි

කොවිඩ්-19 වෛරසය ආසාදනය වූ තවත් 312දෙනෙකු මෙරටින් හදුනාගෙන තිබේ.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ එම ආසාදිතයින්ගෙන් 300දෙනෙකු පෑලියගොඩ කොවිඩ් පොකුරේ ආශ්‍රිතයින් බවයි.

අනෙක් ආසාදිතයින් 12දෙනා බන්ධනාගාර කොවිඩ් පොකුරට අයත් වේ.

ඒ අනුව මිනුවන්ගොඩ, පෑලියගොඩ සහ බන්ධනාගාර කොවිඩ් පොකුර මේ වන විට 31382දෙනෙක් දක්වා ඉහළ ගොස් ඇත.

වසංගත රෝග විද්‍යා ඒකකය සදහන් කළේ මේ වන විට දිවයිනේ සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 35049ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි.

මේ වන විට ආසාදිතයින් 9237දෙනෙකු ප්‍රතිකාර ලබන අතර, ආසාදිතයින් 26353දෙනෙකු සුවය ලබා පිටව ගොස් ඇතැයි වසංගත රෝග විද්‍යා ඒකකය සදහන් කරයි.