මෙරට HIV පිරිස ඉහළට !
මේ වන විට මෙරට තරුණ තරුණියන් අතර එච්.අයි.වී ආසාදනය කෙමෙන් ඉහළ යාමේ අවදානමක් පවතින බව ජාතික ලිංගාශ්‍රිත රෝග සහ ඒඩ්ස් මර්දන වැඩසහන පවසනවා.
වයස අවුරුදු 19 සහ 25 අතර වයස් කාණ්ඩයේ තරුණයන් අතරේ එච්.අයි.වී ආසාදනය වීම වැඩි වශයෙන් වාර්තා වෙමින් පවතින බව එහි අධ්‍යක්ෂිකා විශේෂඥ වෛද්‍ය රසාංජලී හෙට්ටිආරච්චි මහත්මිය සඳහන් කරයි.
එමෙන්ම මෙරටින් හඳුනාගත් එච්.අයි.වී ආසාදිතයින් 3600ක් ඇති බවත් ඉන් ප්‍රතිකාර සඳහා යොමුවී ඇත්තේ පුද්ගලයින් 2000ක් පමණක් බවත් වෛද්‍ය රසංජලී හෙට්ටිආරච්චි මහත්මිය වැඩි දුරටත් සඳහන් කරයි.
