News

මෙරට PCR පරීක්ෂණ 162000 ඉක්මවයි

මේ වන විට මෙරට දී පී.සී.ආර් පරික්ෂණ 162,090ක් සිදුකර ඇති බව ද කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කළේය.

නිරෝධායන මධ්‍යස්ථාන ආශ්‍රිතව ඊයේ (02) පී.සී.ආර් පරික්ෂණ 1210ක් සිදුකිරීමට කටයුතු කර ඇති අතර ත්‍රිවිධ හමුදාව මගින් පාලනය කරනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන 33ක පුද්ගලයින් 2294 දෙනෙකු තවදුරටත් නිරෝධායනය වෙමින් පවතින බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි.