News

මෙවර මැතිවරණය සාමකාමී

වත්මන් තත්ත්වය අනුව සාමකාමීව මැතිවරණය පැවැත්වීමේ හැකියාව පවතින බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක පැවසුවේය.

පාර්ලිමේන්තු මැතිවරණය වෙනුවෙන් යුද හමුදාව කැඳවීමට කිසිදු සූදානමක් නොමැති බවත්, ආපදා හෝ යම් හදිසි තත්ත්වයක් යටතේ යුද හමුදාව කැඳවීමේ බලය ඇත්තේ පොලිස්පතිවරයාට බවද කොමසාරිස් ජනරාල්වරයා පවසයි.

මැතිවරණයේ සියලු කටයුතු සිදු කරන්නේ පොලිස් දෙපාර්තමේන්තුව සමග බවත්, පොලිසියේ සියලු කාර්ය මණ්ඩලය මැතිවරණ රාජකාරි කටයුතුවලට යොදවා ඇතැයිද ඔහු කීවේය.

බරපතළ තත්ත්වයේ ප්‍රචණ්ඩ ක්‍රියා මෙතෙක් වාර්තාවී නැතැයිද මැතිවරණ කොමිෂන් සභාව පැවැසීය.

සාලිය කුමාර ගුණසේකර