News

මේජර් ජෙනරාල් ප්‍රභාත් දෙමටන්පිටිය යුද හමුදා මාණ්ඩලික ප්‍රධානි ධූරයට

ශ්‍රී ලංකා යුද හමුදා මාණ්ඩලික ප්‍රධානි ලෙස මේජර් ජෙනරාල් ප්‍රභාත් දෙමටන්පිටිය මහතා පත් කර තිබේ.

ඒ මහතා ලබන 15 වැනි දින ධූරයේ වැඩ භාර ගැනීමට නියමිත බව යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් චන්දන වික්‍රමසිංහ මහතා පැවසීය.

යුද හමුදා මාණ්ඩලික ප්‍රධානි මේජර් ජෙනරාල් ජගත් ගුණවර්ධන මහතා ලබන 14 වැනිදා යුද හමුදා සේවයෙන් විශ්‍රාම ගැනීමෙන් පුරප්පාඩු වන ධුරය සඳහා මේජර් ජෙනරාල් දෙමටන්පිටිය මහතා පත්කර තිබේ.