News

මේ වසරේ ඩෙංගු 35දෙනෙකු බිලි ගනී

මේ වසරේ ඩෙංගු රෝගය වැලඳීමෙන් පුද්ගලයන් 35 දෙනකු මරණයට පත්ව ඇති බව ඩෙංගු මර්දන ඒකකයේ අධ්‍යක්ෂ අනුර ජයසේකර ‘අරුණ’ට පැවසීය.

මේ වන විට දිවයිනෙන් වාර්තා වී ඇති ඩෙංගු රෝගීන් සංඛ්‍යාව තිස්දහස් තුන්සිය අනූ අටකි (30398)

ඉන් වැඩිම රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ බස්නාහිර පළාතේ කොළඹ දිස්ත්‍රික්කයෙනි.

දින තුනකට වඩා උණ රෝගය පවතී නම් වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමු වන ලෙස වසංගත රෝග විද්‍යා ඒකකය ජනතාවට දැනුම් දෙයි.

 

වරුණි පෙරමුණ