News

මොහොමඩ් නිෂාම්ඩීන්ට ත්‍රස්ත චෝදනා එල්ල කළ ඔස්ට්‍රේලියානු ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩකයෙකුගේ සොහොයුරෙක් අත්අඩංගුවට

ශ්‍රී ලාංකික ශිෂ්‍යයෙකු වන මොහොමඩ් කාමීර් නිෂාම්ඩීන්ට ත්‍රස්ත චෝදනා එල්ල කළ සිදුවීමට ඔස්ට්‍රේලියානු ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩක උස්මාන් කවාජාගේ සොහොයුරු අර්සාලන් කවාජා ත්‍රස්ත චෝදනා යටතේ ඔස්ට්‍රේලියානු පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

විදෙස් මාධ්‍ය අනාවරණය කළේ අද (04) පෙරවරුවේ අර්සාලන් කවාජා අත්අඩංගුවට ගත් බවයි.

ශ්‍රී ලංකා ජාතික ශිෂ්‍යයෙකු වන මොහොමඩ් කාමීර් නිශාම්ඩීන් ත්‍රස්ත චෝදනා උගුලකට හසු කිරීමට අර්සාලන් කටයුතු කළ බවට එල්ල වී ඇති චෝදනා අනුවයි කවාජා අත්අඩංගුවට ගෙන තිබෙන්නේ.

මොහොමඩ් කාමීර් නිෂාම්ඩීන් ත්‍රස්තවාදයට සහයෝගය දැක්වීමේ චෝදනා මත අත්අඩංගුවට පත්වූ අතර පසුව ඔහු නිදොස් කොට නිදහස් කෙරුණා.

මෙම සිදුවීම සම්බන්ධයෙන් ඔස්ට්‍රේලියානු පොලීසිය අඛණ්ඩව කරනු ලැබූ විමර්ශන වලට අනුවයි අර්සාලන් කවාජා අද අත්අඩංගුවට ගනු ලැබුවේ.