News

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව අසල උණසුම් තත්වයක්

වේරහැර මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව ඉදිරිපිට   උදෑසන පිරිසක් නොසන්සුන්කාරී ලෙස  හැසිරීමේන් එහි වැඩකටයුතු වලට බාධා  එල්ලවිය.

කොවිඩ් 19 හේතුවෙන් නවතා දමා තිබූ  මෙම දෙපාර්තමේන්තුවේ වැඩ කටයුතු   නැවතත් ආරම්භ කිරීමත් සමගම සෞඛ්‍ය  ආරක්ශාකාරී පිළිවෙත් අනුගමනය කරමින්
එහි සේවා ලබා ගැනීමට පැමිණෙන ජනතාව සිය අවශ්‍යතාවය අනුව කලින්  දිනයක් හා වේලාවක් වෙන් කරගෙන පැමිණිය යුතුව  ඇත.

ඊයේ දිනයේ එසේ වේලාවන්  වෙන්කර ගෙන පැමිණ සිටි පුද්ගලයින්  සමහරකගේ නම් එහි පිවිසුමේ  රාජකාරීවල නිරත වෙමින් සිටින   නිලධාරීන් හා ආරක්ශක අංශය සතු  ලේඛන වල නොතිබීමෙන් ඔවුනට එම  පරිශ්‍රය තුලට පිවිසීමට නොහැකිවීමෙන් මෙම නොසන්සුන්කාරී තත්ත්වය ඇතිවී තිබේ.

එමෙන්ම එම පිරිස පවසා සිටින්නේ තමන්ට අවශ්‍යය සේවාවන් ලබා ගැනීමට     යැයි පවසා සදහන් කර ඇති අංක  කොතෙක් ඇමතුවද කිසිවෙකුත් ඒවාට  ප්‍රතිචාර නොදක්වන බවයි.

තවත් පිරිසක්  මෙවැනි අංකයන් පිළිබද තමන් කලින්  දැනුවත්ව නොසිටි බවටද සදහන් කර
සිටියි.එහෙයින් මෙහි පැමිණි පසු සිය  අවශ්‍යතා සපුරා ගත නොහැකිව නැවතත්  හැරී යාමට සිදුවීමෙන් තමන් දැඩි  අපහසුතාවයන්ට මුහුණ දෙන බවට  ඔවුන් චෝදනා කරයි.

කෙසේ වෙතත් එහි  නිලධාරීන් සදහන් කර සිටින්නේ අද   දිනයේ වේලාවන් වෙන් කරගත් සියලු
දෙනාගේම නම් එම ලේඛන වල ඇතුලත්  කර ඇති බවයි.

(දිනේෂ් රූපසිංහ – පිළියන්දල)