News

මෝදරවිල සුනාමි නිවාස සංකීර්ණය හුදකලා කරයි

පානදුර මෝදරවිල සුනාමි නිවාස සංකීර්ණයෙන් කොරෝනා ආසාදිත රෝගීන් දෙදෙනකු වාර්තා වී ඇත.

ආසාදිතයින් හමු වීමත් සමඟ එය තවදුරටත් සමාජගත වීම වැළැක්වීම සඳහා එම නිවාස සංකීර්ණය හුදකලා තත්ත්වයට පත්කළ බව පානදුර සෞඛ්‍ය වෛද්‍යය නිලධාරී කාර්ලය පවසයි.

නිවාස සංකීර්ණයෙන් පිටතට යාමට හෝ නිවාස සංකීර් ණය වෙත යාමට නොහැකි ලෙස එම නිවාස සංකීර්ණයට පිවිසීමට තිබෙන මාර් ග 3ක් විශේෂ පොලිස් ආරක්ෂාවක් යොදවා ඇත.