News

මෝදර අළුත් මාවතේ රථවාහන ගමනාගමනය සීමා කෙරේ

මෝදර අළුත් මාවත මාදම්පිටිය පාර හංදිය සිට පඤ්ඤානන්ද මාවත දක්වා රථවාහන ගමනාගමනය සීමා කර ඇති බව පොලීසිය පවසනවා.

ඒ එම මාර්ගයේ ජලනල එලීමේ ව්‍යාපෘතියක් සදහා බවයි පොලීසිය පවසන්නේ.

ඒ අනුව අද රාත්‍රී 10.00 සිට ලබන 12 වැනිදා උදෑසන 5.00 දක්වා කාලය තුළ ජලනල එලීමට අවසර ලබාදී ඇති බැවින් එම කාලසීමාව තුළ ඉහත මාර්ගයේ ගමන් ගන්නා මහජනතාවට සහ රියදුරන්ට විකල්ප මාර්ග භාවිතා කරන ලෙසට පොලීසිය ඉල්ලා සිටිනවා.

විකල්ප මාර්ගය

කොළඹ පිටවන රථවාහන මාදම්පිටිය මාර්ගයෙන් මෝදර වීදිය හරහා අළුත් මාවතට පිවිසිය හැකි බවත්, කොළඹට ඇතුළුවන රථවාහන පඤ්ඤානන්ද මාර්ගය ඔස්සේ මාදම්පිටිය මාර්ගයට පිවිස අළුත් මාවත ගමන් කළ හැකියි.