News

යහපාලනයෙන් රට අඩපන වුණා

යහපාලන රජය පැවති අවධියේ දී අගමැති හා ජනපති   දෙපැත්තකට කඔ ඇදීම නිසා රට අඩපන වූ බව අධීකරණ අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පැවසීය.

ඔහු මේ බව ප්‍රකශ කලේ වැලිමඩ -අලවතුගොඩ පැවති ශ්‍රී  ලංකා පොදුජන පෙරමුනේ මැතිවරණ ප්‍රචාරක රැස්වීමක් අමතමිනි.

මෙහි දී තව දුරටත් අදහස් දැක් වූ අමාත්‍යවරයා, දහනව වන සංශේධනය අනුව ජනාධිපතිවරයාට  පාර්ලිමේන්තුව පිහිට වූවාට පසුව යම් යම් සම්බාධක  තියෙනවා.අළුත් අයවැය ලේඛණයක් ඉදිරිපත් කරලා ඒ  අයවැය ලේඛනය සම්මත කරගෙන මුදල් වෙන් කරගෙන
තමයි අපේ දේශයේ සංවර්ධනය ඉදිරියට ගෙන යන්න පුළුවන්  වෙන්නේ. යහපාලන රජය පැවති අවධියේ දී අගමැති හා  ජනපති දෙපැත්තකට කඔ ඇදීම නිසා රට අඩපන වූ බව  ඔබ දන්නවා.

එවැනි තත්වයක් ඇති වීමට ඉඩ නොදී රට  ඉදිරියට ගෙන යාම සදහා ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති තුමාහට ශක්තියක් වෙන්නට බහුතර බලයකින් යුතු  පාර්ලිමේන්තුවක් අවශ්‍ය වෙනවා.අපේ රටේ ඉදිරි සංවර්ධනය  සදහා.

අපේ වගකීම මනාප ඡන්ද එකතු කරන එක නෙවෙයි  මුලින්ම පොහොට්ටුව විශිෂ්ඨ ලෙස ජයග්‍රහණය කරවන්න  ඕනි.එන මැතිවරණයේ දී පොහොට්ටුවේ ජයග්‍රහණය සදහා
ජනාධිපතිවරණයටත් වඩා අපි ඇප කැප වෙන්න ඕනි.අපට  තුනෙන් දෙකක් ලබා ගැනීම අවශ්‍යයි.

අපට අණ පනත්  රාශියක් සම්මත කර ගැනීමට තියෙනවා.ඒ වගේම දහනව  වන ව්‍යවස්ථා සංශෝධනය තුලින් ඇතිව තිබෙන විවවුල් තත්වය නැති කරලා සුදුසු ව්‍යවස්ථා සංශෝධන ගෙන එන්න තියෙනවා.ඒ නිසා තුනෙන් දෙකක ඡන්ද බලයක් ලබා දීම මේ  රටේ ඉදිරි ගමන සදහා අත්‍යවශ්‍ය වෙනවා. ඒ නිසා තුනෙන්  දෙකක ඡන්ද බලයක් ලබා ගැනීමට නම් අද කැඩී බිදී විසිර ගොස් තිබෙන එක්සත් ජාතික පක්ෂ අනුගාමිකයන්ගේ  සහයෝගය ලබා ගන්න ඕනි.ඔවුන් අද දැඩි ලෙස අතර මං වෙලයි ඉන්නේ.

ඔවුන් අපේ දේශපාලනයට එක් කර ගනිමින්  අපේ දේශපාලන ප්‍රවාහය ශක්තිමක් කර ගන්න
ඕනි.මෙමගින් අපට තුනෙන් දෙකක වරමක් ලබා ගන්න හැකියාව ලැබෙනවා…