යහපාලනය කළේ පිට රටවල් සතුටු කිරීමයි-මහාචාර්ය ජී.එල්. පීරිස්
යහපාලන රජය කාලේ විදෙස් රාජ්‍යයන් සතුටු කිරීම උදෙසා කටයුතු කළත් වත්මන් රජය හමුවේ එවැනි ක්‍රියා සාර්ථක කර ගැනීමට ඉඩක් නැති බව මහාචාර්ය ජී.එල්. පීරිස් පවසයි. මහාචාර්යවරයා මේ බව ප්‍රකාශ කළේ නෙළුම් මාවත පිහිටි පොදුජන පෙරමුණ පක්ෂ කාර්යාලයේ ඊයේ (18වැනිදා) පැවැති මාධ්‍ය හමුවකදීය.
වැඩිදුරටත් අදහස් දැක් වූ මහාචාර්යවරයා මෙසේ ද පැවැසීය.
මැතිවරණයක් අවශ්‍යයි. කල් දැමීම එතරම් උචිත වන්නේ නැහැ. සෞඛ්‍ය උපදෙස්වලට අනුගත වී මැතිවරණයක් පැවැත්වීමට බලය ඇත්තේ මැතිවරණ කොමිසමට බව මතක් කළ යුතුයි. විපක්ෂය මැතිවරණවලට බය වෙලා දිගින් දිගටම මැතිවරණ කල් දමන නමුත් ජනතාවගේ සුබසිද්ධිය වෙනුවෙන් කටයුතු කළ යුතු වෙනවා.
යහපාලන රජය මගින් ඉතිහාසයේ නොකළ දෑ බොහොමයක් වත්මන් රජය මගින් සිදු කළා. යහපාලන රජය රණවිරුවන් හට අභූත චෝදනා එල්ල කරනු ලැබුවා. එසේම ඔවුන්ගේ මනස විකෘති කරන ආකාරයේ විවිධ ක්‍රියාවන් හි යෙදුණා.
එක්සත් ජාතීන්ගේ සමුළුවේ දී මේ රටේ ත්‍රිවිධ හමුදාව පාවා දුන් රජයක් හැටියට යහපාලනය හඳුන්වා දිය හැකියි. එහි සම අනුග්‍රාහක කටයුතුවලට අනුග්‍රහය දැක්වූයේ යහපාලන ආණ්ඩුවයි.
කොරෝනා වසංගතයෙන් රටේ ජනතාව සුරක්ෂිත කිරීමට ත්‍රිවිධ හමුදාව කොතරම් කැපවී කටයුතු කළා ද එඩිතර නායකත්වයක් යටතේ සෞඛ්‍ය අංශ සමග එක් වී ජනතාවට උපකාර කළේ ත්‍රිවිධ හමුදාවයි. එවන් හමුදා යහපාලනය කාලේ පාවාදෙන්න කටයුතු කළා.
හේමන්ත ලියනපතිරණ
