යළි දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය අනාරක්ෂිතයි
දෙවුන්දර තුඩුවේ සිට පේදුරුතුඩුව දක්වා ම ඇති සෑම ප්‍රදේශයකම පාහේ එළවළු රැගෙන
එන දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය දිවයිනේ දෛනික එළවළු අවශ්‍යතාවෙන් සියයටහැත්තෑවක් පමණ සපුරන කේන්ද්‍රස්ථානයි.
දවසකට දහස් ගණනින් ගොවීන් වෙළෙන්දන් ගැවසෙන දඹුලු ආර්ථිකය මේ වන විට යලිත්
කොරෝනාවට අත වනමින් සිටියි.
ඒ රට තුල නැවතත් කොරෝනා අවදානමකට ලක්ව තිබියදීත් මෙවැනි ජනාකීර්නණ
තත්ත්වයක් පවතින දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ සිටින සීයට අසූවක් පමණ දෙනාම
සෞඛ්යාරක්ෂිත ක්‍රමවේද අනුගමනය නොකිරීමයි.
එහි අපට දැක ගැනීමට හැකියාව ලැබුණේ බොහෝ දෙනකු මුඛ ආවරණ නොමැතිව
එකිනෙකා අතර මීටරයක් පමණ පරතරයක් තබාගැනීමට දුන් අවවාද කිසිමතැකිමකට
නොගෙන හැසිරෙන අකාරයයි.
එසේම් ආර්ථික මධ්‍යස්ථාන පාලන අධිකාරිය මඟින් ආර්ථික මධ්‍යස්ථානයට පිවිසෙන
දොරටු හතරෙහිම දෑත් සේදීම සඳහා අවශ්‍ය පහසුකම් සපයා දී තිබුණද බොහෝ
දෙනෙකු එයින් ප්‍රයෝජන නොගනිමින් ඉතා අනාරක්ෂිත කාරී ලෙස හැසිරෙන ආකාරය
අපට දැක ගැනීමට හැකියාව ලැබිණි.
දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට පැමිණෙන සියලු දෙනාගේම ශරීර උෂ්නත්වය මැනීම සිදු
කළද එම ක්රියාවලියද සාර්ථකව නොකරන අතර ඔවුන් ශරීර උෂ්නත්වය මනින්නේ
ඔවුන්ට හිතු හිතූ වෙළාවටය.
ලොරියක රියදුරුගේ උෂ්නත්වය බැලුවානම් පිටුපස සිටින අයවලුන්ගේ ශරීර උෂ්ණත්වය
බලන්නේද නැත.සමහරක් උෂ්නත්වය මැනගන්නේ නැතිව පිටිපස දොරටුවලින්ම ආර්ථිකට
ඇතුළු වෙයි.
එසේම ආර්ථික මධ්‍යස්ථානය පුරාවටම මුඛ ආවරණ පැළඳ පැමිණෙන ලෙසත් ,සියලු දෙනා
අනුගමනය කල යුතු අවශ්‍ය සියලු සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේදයන් සියල්ල ප්‍රදර්ශනය
කර තිබෙන දැන්වීම් පුවරු පවා තිබුණද බොහෝ දෙනෙකු මුඛ ආවරණ නොමැතිව ආර්ථික
මධ්‍යස්ථානයට ඇතුළුවෙයි.
බොහෝ දෙනෙකු පැළද සිටින් මුඛ ආවරණයෙන්ම දහඩිය පිහිදයි.තවත් සමහරෙක් ටිකටේ,
බෙල්ලේ ආරක්ෂාවට මුඛ ආවරණ පළදයි.මැතිවරණ උණුසුමත් සමග මේ වන විට සියලු
දෙනාටම කොරෝනාවේ භයානක කම අමතක වී ගොස් ය.
පසුගිය දිනවල ආර්ථික මධ්‍යස්ථාන වසා තබන්නටද හේතූ වූයේ මෙම අනාරක්ෂිත
හැසිරීමය.නැවතත් එවැනිම තත්ත්වය උදා වී ඇතැයිද දඹුලු ජනතාව පෙනවා දෙයි.
මන්ද මේ වන විට කොරෝනා ආසාදිතයින් සොයා ගත් සෑම ප්රදේශයකින්ම පාහේ
දඹුල්ලට ගොවිජනතාව මෙන්ම වෙළෙන්දන් පැමිණෙන බවත් කෙසේ හෝ එක් අසාදිතයෙකු
හමුවුවහොත් මෙම අනාරක්ෂිත හැසිරීම නිසා පැය කිහිපයක් ඇතුළට රටටම කොරෝනා
වෛරසය ව්‍යාප්ත වීම සිදු විය හැකි බවයි.
(දඹුල්ල ලක්ෂික සංදීප ආරියදාස)
