යාපනය නාගවිහාර බුදුමැදුරට ගල් ප්රහාරයක් පිළිමයට හානියක් නෑ
යාපනය, නාග විහාරස්ථානයේ බුදු මැදුරට කිසියම් පිරිසක් ඊයේ (10 වැනිදා) අලුයම ගල් ප්රහාරයක් එල්ල කොට ඇති බව යාපනය ආරක්ෂක අංශ පවසයි.
ගල් ප්රහාරයෙන් බුදු මැදුරේ වීදුරු ආවරණයට හානි සිදුවී ඇතත් බුදු පිළිමයට හානි සිදුවී නැති බව ආරක්ෂක අංශ පවසයි.
මෙම ප්රහාරයට හේතුව හා ඊට සම්බන්ධ පුද්ගලයන් කවුද යන්න සෙවීම සඳහා මේ වන විටත් පරීක්ෂණ ආරම්භ කර ඇතැයි යාපනය පොලිසිය පවසයි.
මීට පෙර අවස්ථා කිහිපයකදී යාපනය නගරයේ කිතුනු සුරුවම් මැදුරු කිහිපයකටද පහරදීමේ සිදුවීම් වාර්තා වීය.
වවුනියාව – මාධව කුලසූරිය
