නවතම ප්‍රවෘත්ති

යාපනය මයිලිඩි ක‍ලෛයිමගල් විද්‍යාලය වසර තිහකට පසුව පාසල් දරුවන්ට

යාපනය ආරක්ෂක අංශ ආරක්ෂක සීමාවේ පැවති යාපනය මයිලිඩි කලෙයිමගල් විද්‍යාලය වසර තිහකට පසුව සිසු දරුවන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් පැවරීම හා යාපනය ආරක්ෂක අංශ සතුව තිබු යාපනය අවතැන් ජනතාවගේ මුල් ඉඩම් අක්කර 4.4 ප්‍රමාණයක් පවරාදීම යාපනය ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරල් දර්ශන හෙට්ටිආරච්චි මහතාගේ ප්‍රධානත්වයෙන් අද(06) යාපනය මයිලිඩි ප්‍රදේශයේදී සිදු කෙරිණ.

යුද්ධය හේතුවෙන් අවතැන් කදවුරු තුළ හා වෙනත් ස්ථානයන්ගේ වසර 30 කට වැඩි කාලයක් පදිංචිව සිටි යාපනය මයිලිඩි, යාපනය කුරුම්බසිඩ්ඩි, යාපනය ආනෙයිකෝට්ටෙයි ප්‍රදේශයන්ගේ ජනතාවට අයත් මුල් ඉඩම් එලෙස නැවත පවරාදීම සිදුකෙරිණ.