News

යාපනය යුධ හමු‍දාවෙන් යාපනය ජනතාවට වැවක් සාදා දෙයි

දීර්ඝ කාලයක් භාවිතයට ගත නොහැකිව තිබු යාපනය,වඩ්ඩුකෝඩ්ඩෙයි,වලවිල්කුලම වැව ප්‍රතිසංස්කරණය කොට ජනතාවට භාවිතයට ගතහැකි පරිදි සකස් කොට ජනතා අයිතියට පැවරීම යාපනය ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරල් දර්ශන හෙට්ටිආරච්චි මහතාගේ ප්‍රධානත්වයෙන් පෙරේදා(02) සිදුකෙරිණ.

යාපනය,වඩ්ඩුකොඩ්ඩෙයි නිරිත ගොවි සංවිධානය හා යාපනය මිතුරෝ සංවිධානය යාපනය ආරක්ෂක සේනා ආඥාපතිවරයාගෙන් සිදුකළ ඉල්ලීම මත යාපනය ආරක්ෂක සේනා ආඥපතිවරයාගේ මෙහෙයවීම මත යුධ හමුදා නිළධාරීන්ගේ ශ්‍රම දායකත්වය යටතේ වැව ප්‍රතිසංස්කරණය කොට තිබිණ.

යුධ හමුදා ශ්‍රම දායකත්වය හා යන්ත්‍ර යොදාගෙන වැවේ ප්‍රමාණය විශාල කොට ගොවි ජනතාවට ජලය ලබා ගැනීමට හැකිවන අයුරින් වැව ප්‍රතිසංස්කරණය කොට තිබිණ. ප්‍රදේශයේ ගොවි ජනතාව පැවසූවේ වැව සකස් කර ගැනීමට නොහැකිව සිටි ප්‍රදේශයේ ගොවි ජනතාවට යුධ හමුදාව සිදුකළ මෙහෙය අගය කොට නිමකළ නොහැකි බවයි.

වැඩසටහන් අවස්ථාවට ඉන්දියානු කොන්සල් ජෙනරාල් එස්.බාලචන්ද්‍රන් මහතා,යුධ හමුදා ජ්‍යේෂ්ඨ නිළධාරීන්,ප්‍රදේශයේ ‍ගොවි ජනතාව ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියහ.

වවුනියාව – මාධව කුලසූරිය.