News

යාපනය සිට කොළඹ ගිය දුම්රියේ ප්‍රධාන නියාමක තුවාල ලබයි

යාපනය සිට කොළඹ බලා ධාවනය වු දුම්රියේ පසුපස පෙට්ටිය ගැලවීයාමෙන් දුම්රියේ ප්‍රධාන නියාමක අද(03) දහවල් තුවාල ලබා ඇති බව අනුරාධපුර හා වවුනියාව දුම්රිය ස්ථාන ආරංචි මාර්ග පවසති.

උතුරු දුම්රිය මාර්ගයේ සැතපුම් 154 හා 155 ප්‍රදේශයේදී දුම්රිය එලෙස අනතුරට ලක්ව ඇති බව වවුනියාව දුම්රිය ස්ථාන ආරංචි මාර්ග පැවසීය. දුම්රියේ අවසන් පෙට්ටිය ගැලවි ගොස් දුම්රිය ප්‍රධාන නියාමක තුවාල ලබා ඇති බවත්,දුම්රිය පෙටිටි නැවත සකස් කොට දුම්රිය ගමන ඉතා සෙමින් සිදුකරන බවත් මැදවච්චිය දුම්රිය ස්ථාන භාර නිළධාරීන් පැවසූහ.

තුවාලකරුද දුම්රියෙන් අනුරාධපුරය දක්වා ගමන් කරමින් සිටින බවද ආරංචි මාර්ග පවසති. සිද්ධිය සම්බන්ධයෙන් මැදවච්චිය හා අනුරාධපුර දුම්රිය ස්ථාන නිළධාරීන් පරීක්ෂණ පවත්වයි.

වවුනියාව – මාධව කුලසූරිය.