යාවත්කාලින නොවන මධ්‍යම පළාත් ආණ්ඩුකාර කාර්යාලයයේ කොවිඩ් වෙබ් අඩවිය
වෛරසයේ නවතම යාවත්කාලීනවීම් ජනතාව වෙත සම්ප්‍රේශනය කිරිමේ අරමුණින් මධ්‍යම පළාත් ආණ්ඩුකාර කාර්යාලය මගින් පසුගිය අප්‍රියල් මස 04 වෙනිදා ඇරඹුනු වෙබ් අඩවිය එදින සිට මේ දක්වා ශ්‍රී ලංකාවේම තොරතුරු යාවත්කාලින වුවත් මහනුවර දිස්ත්‍රික්කය යාවත්කාලින වි නැත.
මෙම තත්වය හේතුවෙන් මාධ්‍යෙව්දින්ට මෙන්ම සාමාන්‍ය ජනතාවට තොරතුරු දැනගැනිම සදහා ඇරඹු වෙබ් අඩවිය යාවත්කාලින නොවිම නිසා යම් තොරතුරක් දැන ගැනිම සදහා සෞඛ්‍ය අංශ වලින් නොහැකි වු විට මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතිඥ ලලිත් යු ගමගේ මහතාගේ පුද්ගලික දුරකථනය ට කතා කර තොරතුරු දැනගැනිමේ තත්වය මත ආණ්ඩුකාර තුමාට ද දැඩි අපහසුතාවයක් ඇතිවන බවද මෙයින් පෙන්වා දෙමි.
මෙම වෙබ් අඩිවිය COVID-19 වෛරසයේ නවතම යාවත්කාලීනවීම් හා තොරතුරු ඇතුලත් වෙබ් අඩවිය මධ්‍යම ආණ්ඩුකාර කාර්යාලයෙන් මගින් පසුගිය අප්‍රියල් මස 04 වෙනිදා එළි දැක්විය.
COVID-19 වෛරසයේ නවතම යාවත්කාලීනවීම් ජනතාව වෙත සම්ප්‍රේෂණය කිරීමේ අරමුණු කරගනිමින් ස්වයංක්‍රීයවම සෑම තප්පරයකදිම යාවත්කාලීන වන වෙබ් අඩවියක් ලෙස මධ්‍යම පළාත් ආණ්ඩුකාර කාර්යාලය මගින් මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලලිත් යු ගමගේ මහතාගේ අදහසකට අනුව ස්ථාපිත කරතිබෙන මෙම වෙබ් අඩවිය මධ්‍යම පළාත් කොරෝනා මෙහෙයුම් මධ්‍යස්ථානය හා සමගාමීව මෙම පියවර ගත් බව මධ්‍යම ආණ්ඩුකාරවරයා වෙබ් අඩවිය එළි දක්වමින් එදින ප්‍රකාශ කර සිටියේය.

මෙම වෙබ් අඩවිය සදහා covid19.centralprovincegovernor.org යන ලිපිනය ඔස්සේ මහජනතාවට පිවිසීමේ හැකියාව පවිතින අතර, කොරෝනා වෛරසය සම්බන්ධයෙන් වු නවතම යාවත්කාලීන තොරතුරු හා දැන්වීම් ගෝලීය මට්ටමෙන්, දේශීය මටිටමේන්, පළාත් මට්ටමෙන් මෙන්ම දිස්ත්‍රීක්ක මට්ටමෙන් සවිස්තාරත්මකව විමසීමේ හැකියාව ජනතාවට පවතී. එමෙන්ම මෙම වෙබ් අඩවිය හා නොමිලේම ලියාපදිංචි වීම සදහා ජනතාවට අවස්ථාවක් සළසා දී තිබෙන අතර, එමගින් කෙටි පණිවිඩ මගින් නවතම තොරතුරු මහජනතාව වෙත නොමිලේම බෙදාහැරීම සිදු වේ.
වෛරසයේ නවතම යාවත්කාලීනවීම් ජනතාව වෙත සම්ප්‍රේශනය කිරිමේ අරමුණින් මධ්‍යම පළාත් ආණ්ඩුකාර කාර්යාලය මගින් පසුගිය අප්‍රියල් මස 04 වෙනිදා ඇරඹුනු වෙබ් අඩවිය එදින සිට මේ දක්වා ශ්‍රී ලංකාවේම තොරතුරු යාවත්කාලින වුවත් මහනුවර දිස්ත්‍රික්කය යාවත්කාලින වි නැත. මෙම තත්වය හේතුවෙන් මාධ්‍යෙව්දින්ට මෙන්ම සාමාන්‍ය ජනතාවට තොරතුරු දැනගැනිම සදහා ඇරඹු වෙබ් අඩවිය යාවත්කාලින නොවිම නිසා යම් තොරතුරක් දැන ගැනිම සදහා සෞඛ්‍ය අංශ වලින් නොහැකි වු විට මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතිඥ ලලිත් යු ගමගේ මහතාගේ පුද්ගලික දුරකථනය ට කතා කර තොරතුරු දැනගැනිමේ තත්වය මත ආණ්ඩුකාර තුමාට ද දැඩි අපහසුතාවයක් ඇතිවන බවද මෙයින් පෙන්වා දෙමි.
භාරත මෙන්ඩිස්
