යුක්රේන සංචාරකයින්ගේ සීගිරි හා පොළොන්නරු සංචාර අවලංගු කෙරේ
යුක්රේන සංචාරක කණ්ඩායම අද (04) සහ හෙට (05) පොළොන්නරුවේ සහ සීගිරියේ සිදුකිරීමට සැලසුම් කර තිබූ සංචාරයන් අවලංගු කර තිබේ.
මධ්‍යම සංස්කෘතික අරමුදළ සදහන් කළේ පසුගිය දිනෙක යාල වනෝද්‍යානයේ සංචාරයේදී යුක්රේන සංචාරකයින් සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රියාමාර්ග අනුගමනය නොකළ බවට නැගුණ චෝදනා හේතුවෙන් සංචාරක අමාත්‍යාංශය විසින් මෙම සංචාරය අවලංගු කර ඇති බවයි.
මීට පෙර මධ්‍යම සංස්කෘතික අරමුදල යටතේ පාලනය වන පොළොන්නරුව සංචාරක ව්‍යාපෘතියට අයත් පරාක්‍රම මාලිගා සංකීර්ණයද, දළදා මළුව, ශිව දේවාල (අංක 2) ආලාහ පිරිවෙන් සංකීර්ණයට අයත් රන්කොත් වෙහෙර, ලංකාතිලක වෙහෙර, කිරි වෙහෙර, ගල් විහාරය, තිවංක පිළිම ගෙය සහ නෙළුම් පොකුණ යන ස්ථාන අද (4 වැනිදා) දිනයේ සංචාරයේ නිරතවීමට නියමිතව තිබුණි.
එමෙන්ම ඔවුන් හෙට (5) දිනයේදී සීගරිය සංචාරක කලාපයේ සංචාරයක නිරත වීමට නියමිතව තිබුණි.
මේ හේතුවෙන් අද සහ හෙට යන දිනයන්වල දේශීය සංචාරකයන්ට එම ස්ථාන විවෘත නොවන බවට ද මධ්‍යම සංස්කෘතික අරමුදල මීට පෙර දැනුම් දී තිබුණි.
