News

යුද හමුදාවේ 71 කට උසස්වීම්

ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ කර්නල් ධුරය දැරූ 41 දෙනෙකු බ්‍රිගේඩියර් තනතුර දක්වා උසස් කර ඇත.

එසේම ලුතිනන් කර්නල් ධුරය දැරූ 30 දෙනෙකු කර්නල් ධුරය දක්වා ද උසස් කර ඇති බව යුද හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා පවසයි.

ජුනි මස 15 දින සිට මෙම උසස් වීම් බලපැවැත්වෙන බවත් යුද හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කරයි.