News

යෝජිත 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කෙටුම්පත මේ සතියේ කැබිනෙට්ටුවට

මේ සතියේදී යෝජිත 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කෙටුම්පත අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිත බව දේශපාලන ආරංචි මාර්ග පවසනවා.

අමාත්‍ය මණ්ඩල රැස්වීම එළඹෙන බදාදා පස්වරු 4.00ට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විමට නියමිතයි. එහිදී අදාල කෙටුම්පත අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කිරීමට නියමිත බව පැවසෙනවා.

එමෙන්ම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්පාදනය සඳහා අධිකරණ අමාත්‍යංශය විසින් පත් කරනු ලබන කමිටුව පිළිබඳ යෝජනාව ද මෙම සතියේ දී අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කරනු ඇති බව පැවසෙනවා.

ආණ්ඩුවේ පළමු අමාත්‍ය මණ්ඩල රැස්විමේදී 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන ඉවත් කිරිම පිළිබඳව වන යෝජනාව සලකා බැලෙන බව වාර්තාවනවා

මේ නිසා නව ව්‍යවස්ථා සංශෝධනයක් පිළිබඳව යෝජනා අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කිරීම සඳහා අමාත්‍යවරුන් කිහිපදෙනෙකුගෙන් සමන්විත කමිටුවක් ද පත්කර ඇත.