රජයේ ආයතනවල මහජන දිනය සඳුදා
මහ ජනතාවට රාජ්‍ය ආයතනවලින් සිය සේවාවන් ඉටු කර ගැනීමට බදාදා දිනයට නියම කර ඇති මහජන දිනය සඳුදා දින පැවැත්වීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.
අද(10) පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී මේ බව ප්‍රකාශ කළේය.
මින් ඉදිරියට රාජ්‍ය ආයතනවල නිලධාරීන් මහජන අවශ්‍යතා ඉටු කිරීම පිණිස සඳුදා දිනයේදී කාර්යාලයේ අනිවාර්යයෙන්ම රැදී සිටිය යුතු වේ.
