රජයේ හිඟ බිල් ගෙවාගන්න අතුරු සම්මත ගිණුමක්
ලබන වර්ෂය (2021) වෙනුවෙන් වූ අයවැය යෝජනාවලියට ප්‍රථම රජයේ වියදම් වෙනුවෙන් වූ අයවැය යෝජනාවලියට ප්‍රථම රජයේ වියදම් පියවා ගැනීම සඳහා වූ අතුරු සම්මත ගිණුමක් ඉදිරි සතියේ කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට කටයුතු සූදානම් කර ඇතැයි මුදල් අමාත්‍යාංශය ප්‍රකාශ කරයි.
රුපියල් ට්‍රිලියනයකට (රුපියල් බිලියන 1000කට) වඩා වැඩි වටිනාකමකින් යුත් මෙම අතුරු සම්මත ගිණුම ඔස්සේ 2019 සහ 2020 වර්ෂවලට අදාළ සියලුම රජයේ හිඟ බිල්පත් ගෙවා දැමීමට අපේක්ෂා කරන බවද මුදල් අමාත්‍යාංශයේ ලේකම් එස්.ආර්. ආටිගල ‘අරුණ’ට පැවසීය.
නව ආණ්ඩුවේ පළමු කැබිනට් මණ්ඩල රැස්වීමේදී සම්මත කර ගැනීමට නියමිත මෙම අතුරු සම්මත ගිණුම පිළිබඳ යෝජනාව කඩිනමින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සම්මත කර ගැනීමට බලාපොරොත්තු වන බවද ලේකම්වරයා සඳහන් කළේය. මේ ඔස්සේ විශේෂයෙන් පසුගිය වකවානුවේ මහාමාර්ග ඉදිකිරීම් සහ රජයේ ගොඩනැගිලි ඉදිකිරීම් සිදුකළ කොන්ත්‍රාත්කරුවන් වෙනුවෙන් ගෙවිය යුතු හිඟ බිල්පත් පියවීම රජයේ ප්‍රමුඛතාවක් වී ඇතැයිද ලේකම්වරයා පෙන්වා දෙයි.
මීට අමතරව ඉදිකිරීම් ආරම්භ කර ඇති ව්‍යාපෘති නිම කිරීම සඳහා රුපියල් බිලියන 200ක් පමණ මෙමගින් ආවරණය කර ගැනීමටද රජය අපේක්ෂා කරයි. මෙම ඉදිකිරීම් මෙන්ම ඇතැම් සම්පූර්ණ කරන ලද ව්‍යාපෘති සඳහා හිඟ බිල්පත් ගෙවීම්ද වසර දෙකකට වඩා වැඩි කාලයක් ප්‍රමාද වී ඇති බවද මුදල් අමාත්‍යාංශය අනාවරණය කරයි.
කෙසේ වෙතත් පවතින සියලුම හිඟ බිල්පත් ගෙවීමට මෙම අතුරු සම්මත ගිණුම ප්‍රමාණවත් නොවන බවත්, අනෙකුත් අතුරු වියදම් සහ ජනතාව අතර මුදල් සංසරණය ඉහළ නැංවීම වෙනුවෙන් බැංකු ණය යෝජනා ක්‍රම කිහිපයක්ද ක්‍රියාත්මක කිරීමට සූදානම් වන බවත් ලේකම්වරයා ‘අරුණ’ට සඳහන් කළේය. මෙම වසරේ (2020) වියදම් වෙනුවෙන් මීට පෙරද අතුරු සම්මත ගිණුම් 02ක් ඉදිරිපත් කර ඇත.
නයන තරංග ගමගේ
