නවතම ප්‍රවෘත්ති

රටක් සැනසූ ඔෂින්ට සම්මානයක්!

පසුගිය 25 වන දා බස්නාහිර පළාත් සෞන්දර්‍ය නිකේතනයේ දී Lanka Television and Radio Academy සහතික ප්‍රදානෝත්සවයට සමගාමීව පැවති “හඬ අභිමානී” සම්මාන ප්‍රදානෝත්සවයේ දී ජාතික රූපවාහිනී හඬකැවීම් ඒකකය සහ LTRA ආයතනය එක්ව ප්‍රවීණ හඬරංඟවේදිනී රසාදරී පීරිස්ට සම්මානයක් ප්‍රධාන කළා. ඒ “ඔෂින්” නම් ජනප්‍රිය ජපන් කතා මලාවේ ප්‍රධාන චරිතය වූ ඔෂින් චරිතය ඇතුලු මතකයේ රැඳෙන චරිත රාශියට හඬකැවීම් ශිල්පිනියක ලෙස දක්වන ලද දායකත්වය වෙනුවෙන්.

හඬ ශිල්පිනියක් ලෙස පමණක් නෙවෙයි ප්‍රවීණ මාධ්‍යවේදිනියක්, වැඩසටහන් ඉදිරිපත් කරන්නියක්, රංගන ශිල්පිනියක් ලෙස ජනාදරයට පත් වූ ඇය ජනප්‍රිය විදෙස් කතා මාලා සහ කාටූන් රැසකට හඬ දායකත්වය දැක්වූවා.

ප්‍රවීණ හඬරංඟවේදිනී රසාදරී පීරිස්, ඔබට ධරණී අපේ ශුභාශිංසන!