News

රට යන්න ගිය පුද්ගලයා හම්බන්තොට රෝහලට යවයි

අක්මීමන තොටගොඩ පස්මාළුව ප්‍රදේශයේ පුද්ගලයකුට නව කොරෝනා වෛසරය ආසාදනය වි ඇති බවට තහවුරු වී ඇති බව වාර්තා වේ.

මෙම පුද්ගලයා විදේශගතවිම සදහා විසා ලබාගැනිමට පුද්ගලික වෛද්‍ය මධ්‍යස්ථානයකින් වෛද්‍ය පරික්ෂණයක් සිදුකරගෙන ඇත.

එහිදි සිදුකළ පි.සි.ආර් පරික්ෂණයේ දි මෙම පුද්ගලයාට කොරෝනා වෛසරය ආසාදනය වි ඇති බවට තහවුරුවි ඇති බව ගාල්ල දිස්ත්‍රික් ප්‍රාදේශීය වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය වෙනුර කේ සිංගාරච්චි මහතා පවසයි.

මෙම පුද්ගලයා ඊයේ (28) රාත්‍රියේදීම හම්බන්තොට රෝහල පිටත්කර යැවිමට කටයුතු කර ඇත.

මෙම පුද්ගලයාගේ සහෝදරයක් සේනපුර පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ නිරෝධායනය වි එම නිවසට පැමිණ තිබේ.ඔහු නිවසට එවිමට පෙරසිදුකළ පි.සි.ආර්. පරික්ෂණය නෙගටිව් විම නිසා ඔහු නිවසට පැමිණ ඇති අතර මොහුගෙන් මෙම පුද්ගලයාට වෛරසය ආසාදනය වූවා දැයි පරීක්ෂණ සිදු කරමින් පවතී.

ඒ සඳහා ඔහුට අද(29) දින පී සී ආර් පරීක්ෂණයක් සිදු කිරීමට නියමිතයි.

කොවිඩ් ආසාදනය වූ පුද්ගලයාගේ මව කැම ඉවිම සදහා යන කාන්තාවක් නිසා ඇයගේ ද පි. සි.ආර්. පරික්ෂණය අද දින සිදුකරන බව ගාල්ල දිස්ත්‍රික් ප්‍රාදේශීය වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය වෙනුර කේ සිංගාරච්චි මහතා වැඩිදුරටත් පවසයි.

මහතා වැඩිදුරටත් පවසයි