රත්නපුරේ කොවිඩ් ආසාදිතයන් 135ට නගී
කුරුවිට බන්ධනාගාරයේ රැඳවූවන් 14කට කොවිඩ් ආසාදනය වී ඇති බවත්, ඒ අනුව මේ වන විට රත්නපුර දිස්ත්‍රික්කයේ කොවිඩ් ආසාදිතයින් ගණන 135ක් දක්වා ඉහළ ගොස් ඇති බවත් සබරගමුව පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය කපිල කන්නන්ගර පැවසීය.
මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක්වූ පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයා කුරුවිට බන්ධනාගාරයේ රැඳවූවන් 14කටත් කොවිඩ් ආසාදනය වී ඇති බවට සිදුකළ පී.සී.ආර් පරීක්ෂණ මගින් තහවුරු වී තිබෙනවා.
ඒ අය කන්දකාඩු ප්‍රථිකාර මධ්‍යස්ථානය වෙත යොමු කළා. ඔවුන්ගේ ආශ්‍රිතයින් මේ වන විට බන්ධනාගාරය තුළම නිරෝධායනය කර තිබෙනවා. තවත් රැඳවූවන්ට කොවිඩ් ආසාදනය වී ඇතිද යන්න සොයා ගැනීමට බන්ධනාගාරය තුළ සිදු කරන පී.සී.ආර් පරීක්ෂණ ප්‍රමාණය වැඩි කර තිබෙනවා.
සුනිල් පියතිලක – කුරුවිට
