රත්නපුර මාළුකඩේ මුදලාලිට කොවිඩ්
රත්නපුර පොදු වෙළෙඳ සංකීර්ණයේ මාළු වෙළෙඳසැළේ හිමිකරුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇතැයි තහවුරු වී තිබේ.
හිමිකරු පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳසැළ වෙත පැමිණ තිබූ අතර අනතුරුව සිදුකළ පීසීආර් පරීක්ෂණයේ දී ඔහුට වෛරසය ආසාදිත බව තහවුරු විය.
මේ හේතුවෙන් රත්නපුර මුවගම ප්‍රදේශයේ නිවාස 100 ක පමණ පුද්ගලයින් ස්වයං නිරෝධායනයට යොමු කිරීමට සෞඛ්‍ය අංශ පියවර ගනු ලැබීය.
රත්නපුර මාළු වෙළෙද පොළ වසා දැමිමට රත්නපුර මහ නගර සභාව අද තීරණය කර තිබෙනවා.
රත්නපුර මහ නගර සභාවේ සෞඛය අංශය විසින් එම රෝගියා ගැවසුනු ස්ථාන විස බීජහරණයට ලක් කළ බවද ජනතාවගේ ආරක්ශාව වෙනුවෙන් සෞඛය ආරක්ෂිත වැඩපිළිවෙලක් මේවන විටත් ආරම්භ කර තිබෙන බවද වාර්තා වේ.
