News

රත්‍රං මිල තවත් ඉහළට

ලෝක වෙළෙඳපොළේ රත්‍රං මිල තවදුරටත් ඉහළ ගොස් තිබෙන අතර රත්‍රං අවුන්සයක මිල සටහන් වූයේ අමෙරිකානු ඩොලර් 1,916 යි සත 91 ක් ලෙස සඳහන් විය.

ලෝක වෙ‌ළෙඳපොළේ මෙතෙක් රත්‍රං අවුන්සයක් සඳහා වැඩිම මිලක් වාර්තා වූයේ 2011 වසරේ සැප්තැම්බර් මාසයේදීය.

එය අමෙරිකානු ඩොලර් 1,920 යි සත 30 ක් ලෙස දැක්වෙයි.

රත්‍රං මිල වාර්තාගත ලෙස ඉහළ යාමට හේතුව කොරෝනා ව්‍යාප්තිය හමුවේ ආයෝජකයන් රත්‍රං මිලදී ගැනීමට යොමුවීම බව වෙ‌ළෙඳපොළේ විශ්ලේෂකයන් සඳහන් කළේ ය.