News

රත්‍රං භාණ්ඩ මිලදී ගන්න ගිය රන් භාන්ඩ හොරු

 

 

වවුනියාව නගරයේ රන්භාණ්ඩ වෙළඳ සලකින් මෙලස රන් භාන්ඩ සොරකම සිදුකර ඇති අතර සැක කරුවන් තිදෙනා වවුනියාව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

සොරක සිදුව ඇත්තේ පසුගිය 13වන දා වන අතර රන් භාණ්ඩ අලෙවි සැළකට ඇතුළු වී රුපියල් ලක්ෂ හතරකට ආසන්න වටිනාකමින් යුතු රන් භාණ්ඩ මෙලෙස සොරාගෙන තිබේ. සැකකරුවන් අතර මවක් දියණියක් සහ දියණියගේ පෙම්වතා මෙලෙස පොලිස් අත්අඩංගුවට ගෙන ඇත. අලෙවි සැළේ සීසීටීවි දර්ශන උපයෝගී කර ගනිමින් සැක කරුවන් සොයාගෙන තිබේ.

අලෙවියට තිබෙන රන් භාන්ඩ නිරීක්ෂණය කරන අතුරතුර, එම සොරකම සිදුකර තිබේ. සැකකරුවන් වවුනියාව මහෙස්ත්‍රත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර වැඩිදුර පරීක්ෂණ වවුනියාව පොලීසිය විසින් සිදුකෙරේ.