Top Story

රනිල් මොදීව හමු වෙයි

ඉන්දියාවේ තෙදින නිල සංචාරයක නිරත අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මිට සුළු වේලාවකට පෙර ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා මුණගැසී  සාකච්ඡා කිරිම ආරම්භ කළ බව වාර්තා වේ.

නවදිල්ලි, හයිද්‍රාබාද් මන්දීරයේදී මෙම සාකච්ඡා පැවැත්වෙන බව අග්‍රාමාත්‍ය කාර්යාලය සදහන් කළේය.

මෙම සාකච්ඡාවෙන් අනතුරුව අග්‍රාමාත්‍යවරයා ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය සුෂ්මා ස්වරාජ් මහත්මිය සහ ස්වදේශ කටයුතු අමාත්‍ය රාජ්නාත් සිං මහතා  මුණගැසී සාකච්ඡා කිරිමට නියමිතයි.

තෙදින නිල සංචාරය ආරම්භ කරමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු 15 දෙනෙකුගෙන් යුත් ධූත පිරිස ඊයේ (19) දිනයේ නවදිල්ලි  නුවරින් ඉන්දියාවට ලඟා වු බව අග්‍රාමාත්‍ය කාර්යාලය සදහන් කළේය.

ඒ අනුව ඊයේ දිනයේදී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ ඉන්දීය ජාතික කොංග්‍රසයේ සභාපති රාහුල් ගාන්ධි මහතා අතර සාකච්ඡාවක් නවදිල්ලි නුවර ටාජ් හෝටලයේදී පැවැත් විය.