රාජාංගනයේ සංචරණ සීමා සම්පූර්ණයෙන් ඉවතට
කොවිඩ්-19 ආසාදිතයින් හඳුනාගැනීම හේතුවෙන් රාජාංගනය ප්‍රදේශයට පනවා තිබූ සංචරණ සීමාවන් අද (31) සිට සම්පූර්ණයෙන්ම ඉවත් කර තිබේ.
රාජාංගනය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයට පනවා තිබූ සංචරණ සීමාවන් පසුගිය 27 වැනිදා සිට අදියර දෙකක් යටතේ ඉවත් කිරීමටයි පියවර ගෙන තිබුණි.
සංචරණ සීමා පනවා තිබූ ගම්මාන 05 ක සංචරණ සීමා අද දිනයේ ඉවත් කෙරෙන අතර ස්වයං නිරෝධායනය ලක් කළ පිරිසෙන් සියයට 90 ක් මේ වනවිට නිරෝධායන ක්‍රියාවලිය අවසන් කර ඇති බව ද වාර්ථාවෙයි
