රැදවියෙකු සිය ඇදුමක ආධාරයෙන් සියදිව නසාගනියි
කළුතර බන්ධනාගාරයේ රදවා සිටි රැදවියෙකු ගෙල වැලලාගෙන සියදිවි හානි කරගෙන තිබේ.
මෙලෙස සියදිවි හානිකරගෙන ඇත්තේ මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ පුද්ගලයෙකු බව පොලීසිය පැවසීය.
වයස අවුරුදු 38ක් වූ අගුලාන ප්‍රදේශයේ පදිංචි මෙම පුද්ගලයා පසුගිය 15 වනදා හෙරොයින් ළග තබා ගැනීමේ චෝදනාව මත මොරටුව ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනගාර ගත කර තිබේ.
බන්ධනාගාර ගත කිරීමෙන් අනතුරුව සැකකරු වැසියකිළිය තුළදී සිය ඇදුමක් ආධාරයෙන් සියදිවි හානි කර ගෙන ඇති බව පොලීසිය සදහන් කරයි.
මේ සම්බන්ධයෙන් කළුතර උතුර පොලීසිය පරීක්ෂණ ආරම්භ කර තිබේ.
