රියදුරු බලපත්‍රවල වලංගු කාලය දිර්ඝ කෙරේ
පසුගිය සැප්තැම්බර් 30 වනදා කල් ඉකුත් විමට නියමිතව තිබු රියදුරු බලපත්‍රවල වලංගු කාලය දිර්ඝ කර ඇත.
ඒ අනුව බලපත්‍රවල වලංගු කාලය දෙසැම්බර් 31 වනදා දක්වා දිර්ඝ කර තිබේ.
ඊට අදාළ අතිවිශේෂ ගැසට් නිවේදනය ඊයේ (19) නිකුත් කර ඇත.
මෝටර් වාහන පනතේ ඇති බලතල අනුව ප්‍රවාහන අමාත්‍ය ගාමිණි ලොකුගේ මහතාගේ අත්සනින් යුතුව අදාළ අතිවිශේෂ ගැසට් නිවේදනය ප්‍රකාශයට පත්කර තිබේ.
