News

රිය අනතුරු පාලනයට ක්‍රමවේදයක්

රිය අනතුරු පාලනය සඳහා ගතයුතු ක්‍රියාමාර්ග ගැන විශේෂ සාකච්චාවක් අද දින (24) පැවැත්වීමට නියමිත බව වාර්තාවේ.

ප්‍රවාහන අමාත්‍යංශයේදී වූ කතිකාවන් අනුව එම බලධාරීන් සමග අදාල සාකච්ඡාව පැවැත්වෙන බව ප්‍රවාහන අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා සඳහන් කළා.

ඒ අනුව පසුගිය දිනවල බහුලව මාර්ග අනතුරු සිදුවුණා. එම තත්වයන් පාලනය සම්බන්ධයෙන් ගතයුතු ක්‍රියාමාර්ග පිලිබඳ අවධානය යොමුකිරීමට නියමිතයි.

ගිය සතියේ අලව්වේ දී සිදුවූ අනතුර සම්බන්ධයෙන් ලේකම්වරයා දැනුවත් කර ඇති බවද අමාත්‍යවරයා පැවසුවා.

මාර්ග නීති පිළිබඳව තම අමාත්‍යංශයට වගකීමක් ඇති බැවින් ක්ෂණික විසඳුම් ගන්නා බවද දන්වා සිටියා.