News

රේගු නිලධාරීන් 8කට කොරෝනා

ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුවේ නිලධාරින් අට දෙනකුට ඊයේ (05) වන විට කොවිඩ් ආසාදනය වී ඇති බව ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුව පවසයි.

රේගු දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂ මාධ්‍ය ප්‍රකාශක සුනිල් ජයරත්න සඳහන් කළේ රේගු දෙපාර්තමේන්තුවේ හැත්තෑපහකට (75) ආසන්න ප්‍රමාණයක් නිරෝධායනයට යොමුකර ඇති බවයි.

කෙසේ වෙතත් පවතින තත්ත්වය හමුවේ අපහසුවෙන් වුවද රේගු දෙපාර්තමේන්තුවේ කටයුතු සිදු කරන බව ඔහු වැඩිදුරටත් පැවසීය.

වරුණි පෙරමුණ