රොහාගේ මිනිය ගමට ගෙනාවොත් බලාගෙනයි – කුඩු අංජු තර්ජනය කරයි
ඝාතනයට ලක්වූ ගොනා කෝවිල රොහාගේ ප්‍රතිවිරුද්ධ කල්ලි නායකයා වූ කුඩු අංජු ඉතාලියේ සිට රොහාගේ මළගෙදරට යන සියලුදෙනාම බාවන බවට ඉතාලියේ සිට අනතුරු හඟවා ඇත.
රොහාගේ මළ සිරුර තම බල ප්‍රදේශය වන ගල්කිස්සට රැගෙන නොඑන ලෙසත්, රෝහලේදීම මිනිය වළදමන ලෙසත් අංජු අනතුරු හඟවා ඇත.
ගල්කිස්ස කුඩු පාතලයේ කිරුළ වෙනුවෙන් සටන් කළ ගොනා කෝවිලේ රොහාට එරෙහිව ගොනා කෝවිලේ අංජු සටනට ප්රවිශ්ඨ වන්නේ තම සොහායුරා වන ලංසියා රොහාගෙන් ඝාතනය වීමත් සමගය.
රොහාව ඝාතනය කරන ඕනෑම කෙනෙක්ට රුපියල් කෝටි 3ක් දෙන බවද අංජු මීට පෙර ප්‍රසිද්ධියේ කියා තිබුණි.
තිස්ස රවීන්ද්‍ර පෙරේරා



