රෝහලෙන් පැනගිය ආසාදිතයා මෙන්න
කොරෝනා ආසාදිත පුද්ගලයෙකු කොස්ගම ප්‍රදේශයේ පිහිටි ප්‍රතිකාර මධ්‍යස්ථානයෙන් අද (23) අලුයම පැනගොස් තිබේ.
මෙම පුද්ගලයා පිළිබඳ තොරතුරක් දන්නේ නම් ළඟම ඇති පොලිස් ස්ථානයට හෝ 119 පොලිස් හදිසි ඇමතුම් අංකයට දැනුම්දෙන ලෙස නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය.
පැන ගිය ආසාදිතයා 26 හැවිරිදි තරුණයෙකු වන අතර ඔහු ව කැළණි පාර, සේදවත්ත, වැල්ලම්පිටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වේ.
එම ආසාදිතයා සොයා මේ වන විට වැල්ලම්පිටිය ප්‍රදේශයේ සෝදිසි මෙහෙයුමක් ද ආරම්භ කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා කියා සිටියේය.
