News

රෝහලෙන් පැන ගිය රැඳවියා සොයා ගනී

රාගම ශික්ෂණ රොහලේ ප්‍රතිකාර ලබමින් සිටියදි පැන ගිය මහර බන්ධනාගාරයේ රැඳවියා ඔරුගොඩවත්ත ප්‍රදේශයේදි බන්ධනාගාර බුද්ධි අංශ නිලධාරීන් අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට ගත් රැඳවියා වැලිකඩ බන්ධනාගාරයේ වෙනම ස්ථානයක රඳවා තබා ඇති බව වාර්තා වේ

මහර බන්ධනාගාර ගැටුමින් තුවාල ලබා රාගම රෝහලට ඇතුළත් කර ප්‍රතිකාර ලබමින් සිටියදි එම රැඳවියා ඊයේ (02) රාත්‍රියේ මෙලෙස පැන ගොස් තිබුණි.