News

රෝහලේ ප්‍රතිකාර ලබන සැමියාගේ සාත්තුවට සිටි බිරිඳට කොවිඩ්

ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ 56 වාට්ටුවේ නේවාසිකව ප්‍රථිකාර ලැබු රෝගියකු ළග සාත්තුවට සිටි කාන්තාවකට කොරෝනා වෛරසය ආසාදනය වි ඇති බවට තහවුරු වි ඇති බව ගාල්ල දිස්ත්‍රික් ප්‍රාදේශිය වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය වෙනුර කේ සිංගාරච්චි මහතා පවසයි.

මෙකි කාන්තාව සුරියවැව ප්‍රදේශයේ පදිංචිකාරියකි. ඇය 56 වාට්ටුවේ ප්‍රථිකාර ලබන තම සැමියාට සාත්තු සප්පායම් කොට ඇත.

ඇය ගොඩකන්ද ප්‍රදේශයේ පිහිටි බෝඩිමක සිට තම සැමියාට කෑම බිම රැගෙන රෝහලට පැමිණ ඇත. පි.සි.ආර් පරික්ෂණවලදි මෙකි කාන්තාවට කොරෝනා වෛරසය ආසාදනය වි ඇති බවට අද (17) තහවුරුවිමෙන් පසු ඇය වැඩිදුර ප්‍රථිකාර සදහා හික්කඩුව ආරච්චිකන්ද රෝහලට යොමුකිරිමට කටයුතු කළ බවත් මෙකි කාන්තාවගේ පළමුපෙළ ආශ්‍රිතයින් නිරෝධායනයට ලක්කිරිමට පියවරගෙන ඇති බවද ප්‍රාදේශිය වසංගත රෝග විද්‍යාඥවරයා පවසයි.

කොරෝනා වෛරසය ආසාදනය වි ඇති මෙකි කාන්තාවගේ සැමියා වාට්ටුව තුල වෙන්කොට තැබිමටත් 56 වාට්ටුව සදහා ඇතුලත් කිරිමට එන රෝගින් වෙනත් වාට්ටුවකට යොමුකිරිමට කටයුතු කරණ බව කරාපිටිය රෝහලේ ප්‍රකාශකයකු සදහන් කළේය.

අක්මීමන – එච්.එම්.සමන්