News

ලංකාපුර ප්‍රදේශයෙන් කොවිඩ් ආසාදිතයෙක්

ලංකාපුර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ කාර්ය මණ්ඩල සාමාජිකයෙකු කොවිඩ් 19 ආසාදිතයෙක් බවට තහවුරු වී ඇති බව රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල්වරයා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

ලංකාපුර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සමස්ත කාර්ය මණ්ඩලයට සිදුකරන ලද පීසීආර් පරීක්ෂණවල ප්‍රතිඵල මත මෙම ආසාදිතයා හඳුනා ගෙන ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා තහවුරු කර ඇත.

එම රෝගියා මීට පෙර කන්දකාඩු රැඳවුම් මධ්‍යස්ථානයෙන් හඳුනා ගත් රෝගියෙකුගේ සමීප ආශ්‍රිතයෙක් වන අතර තවදුරටත් මෙම රෝගියාගේ ආශ්‍රිතයන් හඳුනා ගනිමින් සිටින අතර ඔවුන් ද පීසීආර් පරීක්ෂණ සඳහා නිරෝධායන කටයුතු සඳහා යොමු කර තිබේ.