News

ලංකාවට දෙන්න හදපු රු. බිලියන 89 වෙන රටකට

මිලෙනියම් චැලෙන්ජ් කෝපරේෂන් අධ්‍යක්ෂ මණ්ඩලය විසින් ශ්‍රී ලංකාවට ලබාදීම සදහා යෝජනා වී තිබුණු රු. බිලියන 89ක එම්.සී.සී සංවර්ධන ආධාර ප්‍රදානය නැවැත්වීමට ගත් තීරණය සම්බන්ධයෙන් නිල ප්‍රකාශයක් නිකුත් කර ඇත.

පසුගිය 15 වැනිදා එම්.සී.සී. අධ්‍යක්ෂ මණ්ඩලය විසින් පැවැත් වූ සාකච්ඡාවක තීරණය කර ඇත්තේ ශ්‍රී ලංකාව සදහා අනුමත වූ රු. බිලියන 89ක මුදල වෙනත් රටකට ලබාදීමටයි.

ඒ අනුව සංවර්ධන ප්‍රමුඛතා හඹා යාමට, දුගී බව අඩුකර ගැනීමට සහ තම ආර්ථික වර්ධනය කර ගැනීමට මුදල් ප්‍රදාන අවශ්‍ය කර තිබෙන, සුදුසුකම් සහිත වෙනත් රටකට ලබාගත හැකි වනු ඇත.

එක්සත් ජනපදය ශ්‍රී ලංකාවේ මිතුරකු සහ හවුල්කරුවකු ලෙස කටයුතු කරන අතර, කොවිඩ් සදහා ප්‍රතිචාර දැක්වීමේදී සහ ස්වකීය ආර්ථිකය ගොඩනංවා ගැනීමේදී ඉදිරියටත් අඛණ්ඩව ශ්‍රී ලංකාවට සහය ලබාදෙන බව එම නිල ප්‍රකාශයේ වැඩිදුරටත් සදහන්ව තිබේ.

 

සබැදි පුවත්

MCC අත්හිටුවයි