ලක්ෂ 22ක් වටිනා කුෂ් තොගයක් කටුනායකට
රුපියල් ලක්ෂ 22 ක් පමණ වටිනා කුෂ් නැමැති ගංජා තොගයක් පාර්සල් 03 ක් ලෙස සකස් කර ඇමෙරිකා එක්සත් ජනපදයේ සිට කටුනායක ගුවන් පාර්සල් මුදා ගැනීමේ මධ්‍යස්ථානය වෙත එවා තිබියදී රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් පිරිසක් විසින් ඊයේ(20) දින අත්අඩංගුවට ගැනීමට සමත් වී ඇත.
බිස්කට් පැකැට්ටුවක සහ ජංගම දුරකථනයක හැඩයෙන් යුතු විෂබීජහරණ උපකරණ සේ පෙනෙන අයුරින් මෙම ගංජා පාර්සල් කටුනායකට එවා තිබුණේ රේගු අවධානය වෙනතකට යොමු කිරීමේ අදහසින් බව රේගුව අනාවරණය කර ගෙන තිබේ.
රේගු නිලධාරීන් සොයා ගත බුද්ධි තොරතුරු මත මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර තිබූ බව රේගු මාධ්‍ය ප්‍රකාශක අතිරේක රේගු අධ්‍යක්ෂ ජනරාල් සුනිල් ජයරත්න මහතා පැවසීය.
එම ගුවන් පාර්සල් බාරගැනීම සඳහා කිසිදු පුද්ගලයෙකු කටුනායක ගුවන් පාර්සල් මුදා ගැනීමේ මධ්‍යස්ථානය වෙත පැමිණ නොමැති බව ද වාර්තා වේ.
මේ පිළිබඳව වැඩිදුර විමර්ශන කටයුතු රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් විසින් පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් වෙත භාර දී තිබේ .

