නවතම ප්‍රවෘත්ති

ලබන වසරේ වැඩිපුර බැංකු නිවාඩු තුනක්

ලබන වසරේ රජයේ නිවාඩු තුනක්ම ඉරිදා දිනයේ යෙදී ඇති නිසා එම නිවාඩු  සදහා සංශෝධන ඇතුළත් කර සදුදා දින 3ක් බැංකු නිවාඩු ලෙස නම් කර විශේෂ ගැසට් පත්‍රයක් ස්වදේශ කටයුතු අමාත්‍යංශය මගින් නිකුත් කර ඇත. ලබන වසරේ සිංහල දෙමළ අලුත් අවුරුද්ද අප්‍රේල්14 වෙනි ඉරිදාටත්, වෙසක් පුර පසළොස්වක පොහෝය දිනය මැයි 19 වෙනි ඉරිදාටත් නබි නායකතුමන්ගේ උපන් දිනය නොවැම්බර් 10 වෙනි ඉරිදාටත් යෙදී යෙදී තිබේ.

ඒ අනුව 2019 අප්‍රේල් 15, මැයි 20 හා නොවැම්බර් 11  යන සදුදා  දිනයන් විශේෂ බැංකු නිවාඩු දිනයන් වේ.