ලාංකිකයින් 400කට අධික පිරිසක් දිවයිනට
කොරෝනා වෛරසය හේතුවෙන් මෙරටට පැමිණීමට නොහැකිව සිටි ශ්‍රී ලාංකිකයින් 400කට අධික පිරිසක් අද (21) අලුයම දිවයිනට පැමිණ තිබේ.
කටාර්, එක්සත් අරාබි එමීර් සහ ඉන්දියාවේ රැකියා සඳහා ගොස් සිටි ශ්‍රී ලාංකිකයින් 411 දෙනෙකු මෙලෙස දිවයිනට පැමිණි බව වාර්තා වේ.
කටාර් රාජ්‍යයේ රැඳී සිටි ශ්‍රී ලංකිකයින් 332කු දෝහා සිට ගුවන් යානා දෙකකින් අද අලුයම දිවයිනට පැමිණ තිබේ.
එක්සත් අරාබි එමිර් රාජ්‍යයේ රැඳී සිටි ශ්‍රී ලාංකිකයින් 21කු සහ ඉන්දියාවේ රැඳී සිටි ශ්‍රී ලාංකිකයින් 58 දෙනෙකු ද අද අලුයම දිවයිනට පැමිණි බව වාර්තා වේ.
පැමිණි ගුවන් මගීන් සියලු දෙනා පී.සි.ආර්.පරීක්ෂණවලට යොමුකිරීමෙන් අනතුරුව නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමු කර ඇත.
