ලාංකික කත නවසීලන්ත මැති සබයට
ශ්‍රී ලාංකික සම්භවයක් සහිත කාන්තාවක් මෙවර නවසීලන්ත පාර්ලිමේන්තුවට සුදුසුකම් ලබා තිබේ.
නමින් වනුෂි වෝල්ටර්ස්(Vanushi Walters)වන ඇය 39වන වියෙහි පසු වේ.
ජසින්ඩා ආර්ඩන් අග්‍රාමාත්‍යවරියගේ කම්කරු පක්ෂය නියෝජනය කරමින් ඇයට මෙම අවස්ථාව උදා විය.
ඕක්ලන්ඩ් හි ‘Upper Habour’නමැති ඡන්ද බල ප්‍රදේශය නියෝජනය කරමින් ඇය පාර්ලිමේන්තුවට තේරී පත්ව ඇත.
මෙවර මැතිවරණයෙන් නවසීලන්ත පාර්ලිමේන්තුවේ ආසන 64 ක බලය තහවුරු කර ගැනීමට වනුෂී නියෝජනය කරන, අග්‍රාමාත්‍ය ජසින්ඩා ආර්ඩන් ගේනායකත්වයෙන් යුත් මධ්‍ය වාමාංශික කම්කරු පක්ෂය සමත් විය.
මේ අනුව නවසීලන්ත පාර්ලිමේන්තුවට තේරී පත්වු පළමු ශ්‍රී ලාංකිකයා බවට වනුෂි වෝල්ටර්ස් සමත්වී තිබේ.
ඇය වෘත්තියෙන් මානව හිමිකම් පිළිබඳ නීතිඥවරියක ද වේ.
එම ක්ෂේත්‍රයේ ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල්(Amnesty International)හි වසර නවයක් සහ ජාත්‍යන්තර මණ්ඩල සාමාජිකාවක ලෙස වසර හයක් ඇය කටයුතු කර ඇත.
නීතිඥ වනුෂි වොල්ටර්ස් 1932 මෙරට ව්‍යවස්ථාදායකය නියෝජනය කළ පළමු කාන්තාව වන ලුයිසා නේසම් සරවනමුත්තු මහත්මියගේ මී මිනිපිරියකි.
ඝාතනයට ලක් වූ මාධ්‍යවේදී රිචඩ් ද සොයිසා වනුෂි වෝල්ටර්ස්ගේ පියාගේ ඥාති සොහොයුරෙකි
