News

ලාංකික ධිවරයින් පිරිසක් සීෂෙල්ස් හිදී අත්අඩංගුවට

නීති විරෝධි ලෙස ධිවර කටයුතුවල නිරතවීම හේතුවෙන් ශ්‍රී ලාංකික ධිවරයින් 07 දෙනෙකු අත්අඩංගුවට ගෙන සීෂෙල්ස් හිදී රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

මෙම ධීවරයින් පිරිස බහුදින ධිවර යාත්‍රාවකින් නීතිවිරෝධි ලෙස පසුගිය මස 17 වන දින සීෂෙල්ස් රාජ්‍යයට අයත් මුහුදු සීමාවේ ධීවර කටයුතුවල නිරත වී ඇති බව වාර්තා වේ.

අදාළ ධීවරයින් පිරිස ධිවර යාත්‍රාව තුළ ම දින 14ක කාලයක් නිරෝධායනයට ලක් කිරිමෙන් අනතුරුව එරට අධිකරණය වෙත ඉදිරිපත් කර තිබේ.

එහිදී ඔවුන් රක්ෂිත බන්ධනාගාර ගත කිරිමට නියෝග කර ඇති බව වාර්තා වේ.

අදාළ ධීවර යාත්‍රාව බේරුවල ප්‍රදේශයේ සිට ධීවර කටයුතු සඳහා පිටත්ව ගිය “සම්පත් 05“ යාත්‍රාව බවට මේ වන විට හඳුනාගෙන ඇති අතර ධීවරයින් සහ යාත්‍රාව මුදාගැනිම සඳහා රාජ්‍යත්‍රාන්ත්‍රික මට්ටමින් මැදිහත්වීමක් සිදුකිරීමට බලාපොරොත්තු වන බව ද ධීවර දෙපාර්තමේන්තුව සඳහන් කළේය.