News

ලොව පුරා කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව ලක්ෂ 46 ඉක්මවයි

ලොව පුරා කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව 4,628,879ක් දක්වා ඉහළ ගොස් තිබේ.

කොරෝනා වෛරසය හේතුවෙන් මියගිය සංඛ්‍යාව 308,655ක් වේ.

වැඩිම ආසාදිතයින් සංඛ්‍යාව සහ වැඩිම මරණ සංඛ්‍යාව ඇමෙරිකාවෙන් වාර්තා වේ.

ඒ අනුව ආසාදිතයින් 1,484,285ක් සහ පුද්ගල මරණ 88,507ක් ඇමෙරිකාවෙන් වාර්තා වේ.

ස්පාඤ්ඤයෙන් ආසාදිතයින් 274,367ක්, රුසියාවෙන් ආසාදිතයින් 262,843ක්, බ්‍රිතාන්‍යයෙන් ආසාදිතයින් 236,711ක්, ඉතාලියෙන් ආසාදිතයින් 223,885ක්, බ්‍රසීලයෙන් ආසාදිතයින් 220,291ක්, ප්‍රංශයෙන් ආසාදිතයින් 179,506ක්, ජර්මනියෙන් 175,506ක්, තුර්කියෙන් ආසාදිතයින් 146,457ක්, ඉරානයෙන් ආසාදිතයින් 116,635ක් සහ ඉන්දියාවෙන් ආසාදිතයින් 85,940ක් වාර්තා වේ.

ඇමෙරිකාවට පසුව වැඩිම මරණ බ්‍රිතාන්‍යයෙන් වාර්තා වන අතර, ඉතාලියෙන් මරණ 31,610ක්, ප්‍රංශයෙන් මරණ 27,529ක් සහ ස්පාඤ්ඤයෙන් මරණ 27,459ක් වාර්තා වේ.